හදිසි තත්ත්වය ගැසට් එක රිවර්ස් කරන්න : නීතිඥ සංගමයෙන් නිවේදනයක් !

හදිසි තත්ත්වය ගැසට් එක රිවර්ස් කරන්න : නීතිඥ සංගමයෙන් නිවේදනයක් !

මෙරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර අද (18) ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් ගේ අත්සනින් නිකුත්කළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විරෝධය පළකර ඇත.

නිවේදනයක් නිකුත්කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය වැඩබලන ජනාධිපතිවරයාගෙන්  ඉල්ලා සිටින්නේ හදිසි තත්ත්වය වහාම ඉවත් කර ගන්නා ලෙසය.

ශ්‍රී ලංකාවේ නව අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු පත් කර ගැනීමේ ක්‍රියාවලිය සිදුවන පසුබිමක් තුළ හදිසි නීතිය භාවිත කරමින් ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමට ඇති නීත්‍යනුකූල අයිතියට බලපෑම් නොකරන ලෙසත් ශ්‍රී ලංකා නිතිඥ සංගමය සිය නිවේදනය හරහා අවධාරණය කර ඇත .

අදාළ නිවේදනය පහත දැක්වෙයි .

FB IMG 1658150659320

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න