බස් ගාස්තු අඩු කරන්න : බස් සංගම් කොළ එලි දල්වයි !

බස් ගාස්තු අඩු කරන්න : බස් සංගම් කොළ එලි දල්වයි !

අඩු කළ ඉන්ධන මිල සහනය මගී ජනතාව වෙත ලබාදීමට කොන්දේසි සහිතව බස් සංගම් එකඟතාව පළකර ඇත.

මේ බව සඳහන් කරමින් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසන්නේ බස් ගාස්තු අඩු කිරීමට පෙර විධිමත් ක්‍රමවේදයක් යටතේ ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඩිපෝ හරහා සිය බස්රථකවලට ඉන්ධන ලබාදීමට විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීමට බලධාරීන් කටයුතු කළ යුතු බවයි .

එවැනි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නේ නම් හෙට දිනයේ සිට වුවද බස් ගාස්තු අඩු කිරීමට සිට සංගමය සූදානම් බවත් ඔහු පවසයි .

මේ අතර අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමයේ සභාපති සරත් විජිත කුමාර පවසන්නේ ඉන්ධන මිල පහල යාම හේතුවෙන් බස් ගාස්තු සංශෝධනය කිරීමට රජය ගනු ලබන සාධනීය කරුණුවලට සිය සංගමය එකඟ වන බවය.

ඒ අනුව මේ මොහොතේ ජීවන වියදම ඉහළ යාමත් ඒ හමුවේ ජනතාව මුහුණදී සිටින ආර්ථික දුෂ්කරතා තේරුම් ගෙන මගී ජනතාව වෙත ඉන්ධන මිල පහල යාමේ වාසිය ලබාදීමට සහ පොදු ප්‍රවාහනය අඛණ්ඩ කිරීමට විධිමත් වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීමට ප්‍රවාහන බලධාරීන් ක්‍රියාත්මක විය යුතුව ඇත.

ඒ බව පොදු ප්‍රවාහන මගී සංගම් ද අවධාරණය කර සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න