රනිල්ට එරෙහි නාගාගේ පෙත්සම ගැන හෙට තීන්දුවක් !

රනිල්ට එරෙහි නාගාගේ පෙත්සම ගැන හෙට තීන්දුවක් !

එක්සත් ජාතික පක්ෂ නායක වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත්කිරීම මගින් රටේ ජනතාවගේ මුලික අයිතිවාසිකම් කඩවන ලදැයි සඳහන් කරමින් එම පත්කිරීම බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නිතීඥ නාගානන්ද කොඩිතුවක්කු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගන්නවාද? නැද්ද? යන්න සම්බන්ධ තීරණය හෙට (19) ප්‍රකාශයට පත් කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) දැනුම් දුන්නේය.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගාමිණී අමරසේකර, ජනක් ද සිල්වා සහ ශිරාන් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හමුවේ අද සලකා බැලිණ.

මැතිවරණ කොමිසම, එහි සභාපති ඇතුළු සෙසෙු සාමාජිකයන් සහ වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු 11 දෙනකු මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම්කර තිබේ.

මෙහිදී නිතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කණීෂ්කා ද සිල්වා සදහන් කර සිටියේ තමන් මෙම පෙත්සම සම්බන්ධයෙන් මූලික විරෝධතා දෙකක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානයන්ට අනුව මූලික අයිතිවාසිකම් කඩවී දින 30ක් ඇතුළත් මුලික අතිවාසිකම් පෙත්සමක් ගොනුකළ යුතුව ඇති බවත්, එහෙත් මෙම පෙත්සම ගොනුකරනු ලැබ ඇත්තේ වසරක කාලයක් ඉකුත් වීමෙන් අනතුරුව බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට දැනුම් දුන්නාය.

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නිතීඥ රෝලන්ඩ් පෙරේරා කියා සිටියේ තමන් නිතිපතිවරයා ඉදිරිපත් කළ කරුණු සමග එකඟවන බවත් ඒ අනුව පෙත්සම විභාගයට නොගෙන ඉවත දමන ලෙසත්ය.

දෙපාර්ශ්වයේ ඉදිරිපත් කෙරුණු කරුණු සැලකිල්ලට ගත් අධිකරණය මෙම පෙත්සම විභාගයට ගන්නවාද නැද්ද යන්න සම්බන්ධ තීන්දුව හෙට (19) ලබා දෙන බවට දැනුම් දෙමින් නඩුව කල් තැබීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න