ඉදිරියට ඉන්ධන සහ ගෑස් බෙදීම ගැන : අගමැති කියන කතාව ( Video )

ඉදිරියට ඉන්ධන සහ ගෑස් බෙදීම ගැන : අගමැති කියන කතාව ( Video )

ඉන්දියන් ක්‍රෙඩිට් ලයින්" අත්සන් කළ පසු මාස හතරකට ප්‍රමාණවත් ඉන්ධන ලංකාවට ලැබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි .

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (14) මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් ය.

 ගෑස් මෙට්‍රික් ටොන් 3500 ක් සහිත නැවක් ඊයේ (14) පැමිණි අතර එහි ගෑස් නිකුත් කිරීමේදී රෝහල්, හෝටල් සහ ආදාහනාගාර වැනි ආයතනවලට ප්‍රමුඛත්වය ලබා දෙන බවත් ඊට පසු එන නැව් වලින් මාස හතරකට ගෑස්, ඉන්ධන අඛණ්ඩව ලබා දෙන්නට තීරණය කළ බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය .

නමුත් අඛණ්ඩව ගෑස් සහ ඉන්ධන සැපයීම් කළ හැක්කේ දැනට තිබෙන ඉල්ලිම් වලින් සියයට පනහක් ලබා දෙනවා නම් පමණක් බව කී අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛතා හඳුනා ගනිමින් ඉදිරි සැපයීම් කරන බවද සඳහන් කළේය.

ඩොලර් හිඟය පියවීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායම සමග සාකච්ඡා කර ගෙන යන අතර ඒ වැඩ කටයුතු ජුනි මාසය ඇතුළත සම්පූර්ණ කර ගැනීමට හැකි වෙතියි බලාපොරොත්තු වෙන බව ද අගමැතිවරයා සඳහන් කළේය.

තමා කලින් සඳහන් කළ පරිදි දැන් දුෂ්කර ම කාලය ගෙවමින් සිටින අතර ඒ ප්‍රශ්නවලට මුහුණ දී දරා ගැනීම ගැන සියලු දෙනාට ස්තුති කරන බවත් ප්‍රශ්න ශීඝ්‍රයෙන් විසඳන්න බැරි වීම ගැන කණගාටුව ප්‍රකාශ කරන බවත් අග්‍රාමාත්‍යවරයා කීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න