හර්ෂ ඉන්ටර්නැෂනල් චොර වීමක !

හර්ෂ ඉන්ටර්නැෂනල් චොර වීමක !

හිටපු විදේශ අමාත්‍යවරයකු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී , ආචාර්ය හර්ෂ ද සිල්වා පසුගියදා ප්‍රසිද්ධියේ විදෙස් රාජතාන්ත්‍රිකයන් කිහිපදෙනෙකු තමන් සමඟ කියූ කතා පෙළක් එළියට දැම්මේය .

ඒ යහපාලන සමයේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය ධූරය දුන්නේ මේ වැනි රාජතාන්ත්‍රික හැසිරීම සම්බන්ධයෙන් රාජපක්ෂවරුන් තරම්වත් සංයමයක් නැති අයෙකුටද යන්න සිහිපත් කරමිනි.

එතරම්ම ඔහු ගැලරියට අන්ධවී කියෙව්වා මිස , රාජතාන්ත්‍රික යන වචනය ගැන තැකීමක්වත් පෙන්නුවේ නැත.

ආචාර්ය හර්ෂ , එදා ගොඩක් දේ කියූ නමුත් , ඒ ගොඩක් දෙයින් බොහොමයක් බොරු බවට ජාත්‍යන්තර සහතිකයක් ලබා ඇත.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ උපුටා දැක්වූ මාලදිවයින හිටපු ජනාධිපති සහ වත්මන් කතානායක මොහොමඩ් නශීඩ් විසින් ය.

ඊට අදාළ ට්වීටර් සටහන පහත දැක්වෙයි .

මගේ දිගුකාලීන මිත්‍රයෙක් වන පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා නිතර හමුවෙනවා. මම ඔහුගෙ අසුර මම ප්‍රියකරනවා. මාධ්‍ය වාර්තා අනුව ඔහු විසින් කරන ලද ප්‍රකශය සාවද්‍ය වේ. රටවල් ගණනාවක් ශ්‍රී ලංකාවට උපකාර කිරීමට කැමැත්තෙන් සිටින අතර එම ආධාර ලැබෙනු ඇතැයි මම විශ්වාස කරමි.

IMG 20220614 WA0013

හර්ෂගේ ජපන් ජබර !

එදා හර්ෂ ගේ අදහස් දැක්වීම අවස්ථාවේ , ජපාන තානාපති කිව්වා කියලත් කතාවක් අහන්න ලැබිණ . ඊට අනුව මෙරටට කෙටිකාලීන හෝ ණයක් දෙන්නට නම්, එක්කෝ ආණ්ඩුව සර්ව පාක්ෂික විය යුතුය. නැත්නම් විපක්ෂයත් ඒ ණය ගිවිසුමට අත්සන් කළ යුතු බව ජපන් තානාපති කියූ බවක් හර්ෂ මන්ත්‍රීවරයා කියයි.

ජපානය වැනි රටක තානාපතිවරුන් එසේ විපක්ෂ මන්ත්‍රීවරුන් සමග තේ - කෝපි නොව සකායි බිව්වත් ඒ වැනි කතා කියන්න යන්නේ නැති බව ජාත්‍යන්තර සම්බන්ධතා ගැන දන්නා අය දනියි. ඒ ඔවුන් විධිමත් විදෙස් සම්බන්ධතා ජාලයක් නඩත්තු කරන නිසාය. එසේම ඔවුන් රාජතාන්ත්‍රික හැසිරීම කාටත් වඩා උපරිමයෙන් රකින නිසාය. මේ මොහොතේ ජපන් ස්ටයිල් එක ඒකය.

ඒ නිසා, ජපන් තානාපති කිව්වා කියා හර්ෂ මන්ත්‍රීවරයා කියන කතා සාවද්‍ය බව තහවුරු වෙයි. දැනටමත් මාලදිවයිනේ නශීඩ් , හර්ෂව අනාවරණය කර ඇති නිසා , ඒ බව තවදුරටත් තහවුරු වෙයි. කොහොමටත් විදෙස් තානාපතිවරුන් තමන්ගේ මතය ළිඳ ළඟ සංගමය හරහා හෝ විපක්ෂ කයිවාරුකරුවන් අතේ එවන්නේ නැත. යම් කරුණක් දැනුම් දුන්නත්, මේ ආකාරයට සභාව මැද කලිසම ගලවන ආකාරයට එවන්නේ ද නැත.

දැන් තමන් කියූ ඇත්ත මොනවද , බොරු මොනවද කියා වෙන්කර පැවසීම හර්ෂ මන්ත්‍රීවරයා සතුය. ඒහෙත් සිංහලෙන් ඒවා කීවාට ජාත්‍යන්තරය හර්ෂ මන්ත්‍රීවරයාව නිදොස් කරයිද යන්න සැකසහිතය.

මං හෙන පොරක් !

සැබවින්ම කියූ කතා ඇත්ත වුවත් බොරු වුවත් හර්ෂ මන්ත්‍රීවරයා ඒත්තු ගන්වන්න උත්සාහ කරේ, ජපන් තානාපති , මාලදිවයින් නායකයන් ඇතුළු පිරිස තමන් සමග මාර කුළුපග බවය. ඒ ඇසුරේ, යන චැට් වල රටේ ආර්ථිකය ගැන මාර කයිවාරු යන බවය. ඒවා අග්‍රාමාත්‍ය රනිල් හෝ ජනාධිපති ගෝඨාභය මොකුත් නොදන්නා බවය. විදෙස් මාධ්‍යයක හෝ නොයන දේවල් තමන් දන්නා බවය. තවත් මේ වගේ කරුණු ගොඩක් සමග හර්ෂ මන්ත්‍රීවරයා , ජනතාව වෙත අඟවන්න උත්සාහ කර ඇත්තේ , "තමං හෙන පොරක්, තියෙන්නේ මාර කන්ටැක්ස්" බව වෙන්න පුළුවන.

විදෙස් රාජතාන්ත්‍රිකයන් පටලවා ගන්නේ නැතුව පොරක් වෙන්න බැරිද ?

විදෙස් රාජතාන්ත්‍රිකයන් පටලවා ගන්නේ නැතුව පොරක් වෙන්න බැරිද ? යැයි දැන් කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන.

අපිටත් නොතේරෙන තැන එතනය. සමහර විට පසුගිය සමයේ හර්ෂව ජනාධිපති කරමු කියා හරීන් කී විට හර්ෂ ජනාධිපතිට ඇන්දාද අපි දන්නේ නැත. එසේම සජබ ඇතුලේ ආර්ථික ඔස්තාද් ලෙස පෙනී සිටීම නිසා , හර්ෂ මුදල් ඇමති වෙන්න එන්න කියා ලැබුණු ආරාධනා හරහා හර්ෂ ඇන්දාද අපි දන්නේ නැත.

අපි නම් හර්ෂ ගැන දන්නේ , යහපාලන සමයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගෙනා සංකල්පයක් අනුව , ඉන්දීය රජයේ එකඟතාව ඇතුව ලැබුණු 1993 සුවසැරිය ගිලන් රථ සේවය , තමන් කළ වැඩක් ලෙස හර්ෂ බෝඩ් එක ගහගෙන ඉන්නවා පමණය. ඔය ගැන සිරස රොෂාන් වටවල ප්‍රශ්න කළ අවස්ථාවේ හර්ෂ ගේ හැසිරීමත් අපට මතකය.

ඊට පස්සෙත් හර්ෂ සුවසැරිය මගේ කියා බෝර්ඩ් එක ගහගෙන දිව්වාට රනිල් එහි අයිතිය ගන්න ආවේ නැත. ඒ රනිල්ගේ හැටිය. රනිල් ඒ ගැන මොකුත් නොකියන නිසා හර්ෂ, දිගටම සුවසැරිය බෝර්ඩ් එක ගහගෙන දිව්වාට කවුරුත් මොකුත් කියන්න ගියේද නැත.

හැබැයි හර්ෂ ගියේ, ඒ අස්සෙන් රනිල්, චන්ද්‍රිකා ඇතුළු ජාත්‍යන්තර සම්බන්ධතා සහිත මල් පොකුරේ තමන්ද හෙන මලක් බව පෙන්නන්න විය යුතුය. හර්ෂ නොදැන සිටියේ ආශාව තිබූ පමණින් එතනට යන්න බැරි බවය.

ඒ අනුව හර්ෂ ට සිදුවූයේ සුදුසුකම් පෙන්වන්න බොරු කියන්න ගිහින් නොසුදුසුකම ඔප්පු කිරීමය.

දැන් ඒ කෝච්චිය ගිය නිසා මේ ටිකත් කිවයුතුව ඇත. දැනුමට සාපේක්ෂව රටේ ආර්ථික අභිලාෂ සම්බන්ධයෙන් සජිත්‍ට ,හර්ෂව පොරක් වුණාට , රනිල් ඉස්සරහ තමන් කවුද කියා දන්නේ හර්ෂ ය.

හර්ෂත් නොදැන සිටියා නම් දැන්වත් ඔහුට දැනගැනීම පිණිස අපිවත් එය ලියා දැන්විය යුතුය.

රනිල් සමග හැරෙන්නටවත් හර්ෂ අසමත්ය. හර්ෂ වැරදිලා හරි මුදල් ඇමති වූවා නම් වෙන්නේ රනිල් කියන ටික කරන්නය. සජිත්‍ට උපදෙස් දී ගන්න ආතල් එක එතන ලොවෙත් නැත. හර්ෂ ලෝකය පටළවා ගත්තේද අන්න ඒ නිසාය .

 "ස" tv - සටහනක් !

Harsha rw nasheed 1000px

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න