රාජපක්ෂවරුන්ගේ ආර්ථිකය : මත්තල මාසික පාඩුව කෝටිය පනියි !

රාජපක්ෂවරුන්ගේ ආර්ථිකය : මත්තල මාසික පාඩුව කෝටිය පනියි !

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ මාසයකට රුපියල් කෝටියකට වැඩි පාඩුවක් ලබන බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි .

එසේම මත්තල ගුවන් තොටුපොළ කිසිවිටෙක නොවිකුණන බවත් , එනමුත් ගුවන්තොටුපොළ ප්‍රතිව්‍යූහගත කර හොඳ ආයෝජකයකු සමග සාමූහික ගිවිසුමකට පැමිණ රජයේ සහ පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස ලාභ ලබන තත්වයට පත්කර ගැනීමට කටයුතු කරගෙන යන බවත් අමාත්‍යවරයා පවසා ඇත .

විෂය භාර අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ , මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වෙමින් වන අතර ඒ අවස්ථාව සඳහා අමාත්‍ය මහින්ද අමරවීර ද එක්ව සිටිය්‍ර්හ.

අද වනවිට කිසිදු ගුවන් යානයක් නොපැමිණෙන මෙම ගුවන් තොටුපොළට සේවකයන් පන්සිය හතළිස් පස් දෙනෙකු (545)අනියුක්ත කර සිටින බවත් සමහර සේවකයන් කොළඹ සිට මත්තලට බස් රථයකින් දිනපතා ප්‍රවාහනය කෙරෙන බවත් මෙහිදී තොරතුරු අනාවරණයවී ඇත.

මත්තල ගුවන්තොටුපොළ අද නඩත්තු කරන්නේ කටුනායක ගුවන්තොටුපොළ උපයන මුදලින් බව මෙහිදී පැවසූ නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා මත්තල ගුවන්තොටුපොළ ඉදි කිරීමට චීනයෙන් ලබාගත් ඇමරිකානු ඩොලර් කෝටි 21 ක ණය මුදලේ වාරික ගෙවීමට ඇති බවද ප්‍රකාශ කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න