ජුලි මුල සිට : ඉන්ධන සලාකය ලැබෙන්නේ මෙහෙමයි !

ජුලි මුල සිට : ඉන්ධන සලාකය ලැබෙන්නේ මෙහෙමයි !

ඉදිරියට පාරිභෝගිකයන් ඉන්ධන හල් වල ලියාපදිංචි කර සතිපතා සලාක ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීමට සිදුවෙන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි .

අමාත්‍යවරයා සඳහන් කර ඇති ආකාරයට ජූලි පළමු සතියේ සිට එම ක්‍රමය ක්‍රියාත්මක වීමට නියමිතව ඇත.

මූල්‍ය තත්ත්වය ශක්තිමත් කිරීමටත් පැය 24 පුරාවට විදුලිය යථා තත්ත්වයට පත් කිරීමට ස්ථාවර ඉන්ධන සැපයීමකටත් හැකිවන තෙක් පාරිභෝගිකයින් පිරවුම්හල ලියාපදිංචි කර ඔවුන්ට සහතික සතිපතා කෝටාවක් ලබාදෙන බව එහිදී අමාත්‍යවරයා සඳහන් කර ඇත .

පැය 4ක විදුලිබල සැපයුම වෙනුවෙන් ඩීසල්, දැවි තෙල් හා නැප්තා සඳහා අමතරව ඩොලර් මිලියන 100ක් අමතරව වැය වන බව ද අමාත්‍යවරයා පැවසුවේ ය.

එසේම අමාත්‍යවරයා පවසන්නේ , ගෑස් හිඟය හේතුවෙන් විදුලිය හා භුමිතෙල් සඳහා ඉල්ලුම ඉහළ ගොස් ඇති බවයි.

මාස 4 කට පෙර ඩොලර් මිලියන 200 ක් තිබූ මාසික ඉන්ධන වියදම මේ වනවිට ඩොලර් මිලියන 750 දක්වා ඉහළ ගොස් ඇතැයි ද අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න