ඔබ රටට ගෙවීමට ඇති බදු ගෙවන්න : අරගලය ධම්මිකගේ නිවස ඉදිරිපිටට !

ඔබ රටට ගෙවීමට ඇති බදු ගෙවන්න : අරගලය ධම්මිකගේ නිවස ඉදිරිපිටට !

කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහකාගේ නිවස ඉදිරිපිට අද (12) පෙරවරුවේ විරෝධතා ව්‍යාපාරයක් පැවැත්විණ.

ඒ ධම්මික පෙරේරා මේ වනවිට බැසිල් රාජපක්ෂගේ ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට නම්කර ඇති නිසාය.

එහිදී විරෝධතාකරුවන් ,

කැසිනො රජා අපට එපා – කුණු ධම්මික අපට එපා“,

 “කැසිනෝ රජා පාර්ලිමේන්තුවේ ද?“

“කුණු ගෙනාපු ධම්මිකයා – රටට කෙළපු පණ්ඩිතයා,“

“ඔබ ඔබේ බදු ගෙවන්න ,“

“ශ්‍රී ලංකාව කැසිනෝ සූදුපලක් නොවේ, අපේ අනාගතය සමග සූදු නොකෙලින්න“ යන අදහස් සහිත විරෝධතා පුවරු සහිතව මෙම විරෝධතාවයෙහි නිරත වෙමින් සිටිනු දකින්නට ලැබිණ .

මේ වන විට ධම්මික පෙරේරා වෙනුවෙන් බලගතු අමාත්‍යංශයක් ජනාධිපති විසින් නම්කර තිබීම ප්‍රසිද්ධ රහසකි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න