රටට ඩොලර් ගේන්න ගිවිසුමක් !

රටට ඩොලර් ගේන්න ගිවිසුමක් !

මුදල් අමාත්‍යාංශයේ ලේකම් එම්.සිරිවර්ධන අද (10) ඉන්දීය EXIM බැංකුව සමඟ ඩොලර් ණය මාර්ගයක් ලබා ගැනීමේ ගිවිසුමකට අත්සන් තැබීය.

යල වගා කන්නයේ ක්ෂණික යූරියා පොහොර ඉල්ලුම සපුරාලීම සඳහා මෙට්‍රික් ටොන් 65,000 ක යූරියා පොහොර ආනයනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ඉන්දීය රජයෙන් ණය පහසුකම් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන්, ඉන්දියාවෙන් යූරියා පොහොර මිලදී ගැනීම සඳහා ඩොලර් මිලියන 55 ක ඩොලර් ණය මාර්ගයක් පිරිනැමීමට ඉන්දීය රජය එකඟ විය.

ගිවිසුම අත්සන් කිරීම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් එච්.ඊ. ගෝපාල් බග්ලේ මහතා ද සහාභගි විය . එමෙන්ම කෳෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ද එම අඅවස්ථාව සඳහා එක්ව සිටියේය .

රට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල උග්‍ර හිඟයකට මුහුණ දී සිටින බැවින් ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම තම ප්‍රමුඛතාවය බව අග්‍රාමාත්‍යවරයා මීට පෙර පෙන්වා දුන්නේය .

මෙම ණය පහසුකම ඉදිරි යල කන්නය සඳහා යූරියා ලබා ගැනීම සහතික කිරීමට උපකාරී වනු ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි .

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න