අපනයන මූලික කරගත් ආර්ථිකයක් ගොඩනැඟීම සඳහා ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දෙන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ පවසා ඇත .
ඒ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර අද (30) සිදුවූ විශේෂ දුරකථන සංවාදය අවස්ථාවේ ය.
ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී සිටින ආර්ථික අර්බුදය පිළිබඳව රනිල් වික්‍රමසිංහ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාට දීර්ඝ කරුණු පැහැදිලි කිරීමක් ද මෙම දුරකථන සංවාදයේ දී කර තිබෙන බවත් වාර්තා වෙයි .
එහිදී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් රනිල් වික්‍රමසිංහට පවසා ඇත්තේ ශ්‍රී ලංකාවෙි අපනයන මූලික කරගත් ආර්ථිකයක් බිහි කිරීම සඳහා බ්‍රිතාන්‍යයේ සහයෝගය ලබාදෙන බවයි.රනිල් වික්‍රමසිංහ 6 වන වරටත් අග්‍රාමාත්‍ය ධුරයෙහි දිවුරුම් දීම සම්බන්ධයෙන් මෙහිදී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සුභ පැතුම් පළ කර ඇති බවත් වාර්තා වෙයි .
මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තැබූ ට්වීටර් සටහනක් පහත දැක්වෙයි .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
