සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන "රැට්ටා" නොහොත් රතිඳු සුරම්‍ය සේනාරත්න පොලීසිය විසින් අද (30) අත්අඩංගුවට ගෙන ඇත .
කොම්පඤ්ඤවිදිය පොලිසිය විසින් ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය 25 වනදා කොටුව අධිකරණය ඉදිරියේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ සාපරාධී බලහත්කාරය චෝදනා මතය.
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ඔහුට හා ගෝල්ෆේස් විරෝධයේ නිරත තවත් පිරිසකට කොම්පඤ්ඤවීදිය පොලිසියට පැමිණෙන්නැයි අද දැනුම් දී තිබිණි.
එහිදී පැය දෙකක පමණ කාලයක් ප්‍රකාශ ලබා ගැනීමෙන් පසු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
එසේම ඔහු ඇප පිට නිදහස් කර ඇති බවත් වාර්තා වෙයි .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
