පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මිලාන් ජයතිලක පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (17) අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය මැයි 09 වැනිදා අරලියගහ මන්දිරය අසල මයිනාගෝගම සහ ගෝල්ෆේස් පිටියේ ගෝඨාගෝගම ට එල්ල කෙරුණු මිලේච්ජ මැර ප්‍රහාරයට අදාළව මේ අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.
මෙම මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තු පැමිණි අවස්ථාවේ ඔවුන් අත්අඩංගුවට ගැනීමට බලකරමින් සමාජ මාධ්‍ය හරහා අදහස් ප්‍රකාශ වනු දකින්නට ලැබිණ .
නීතිපතිවරයා විසින් ද පොලිස්පතිවරයාට දන්වා තිබුණේ මොවුන් ඇතුළු සැකකරුවන් 22ක් අත්අඩංගුවට ගන්නා ලෙසය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
