සාමකාමී විරෝධතාකරුවන්ට අද (09) එල්ල වූ ප්‍රහාරය දැඩිව හෙළා දකින බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනී ජුලී චන්ග් සඳහන් කරයි.
තානාපතිවරිය සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර අතර එහි මෙසේද සඳහන් ය.
"සාමකාමී විරෝධතාකරුවන්ට එල්ල වූ ප්‍රහාරය දැඩිව හෙළා දකින අතර මේ පිළිබඳ පුළුල් විමර්ශනයක් පවත්වන ලෙස රජයෙන් අප ඉල්ලා සිටී. ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් හි නිරත වූ සියලුම පාර්ශව අත් අඩංගුවට ගෙන දඬුවම් ලබා දිය යුතුය.
සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් සාමකාමීව සහ සංයමයෙන් සිටින ලෙස අප ඉල්ලා සිටින්නෙමු"
අදාළ ට්වීටර් සටහන පහත දැක්වෙයි .

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
