හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගේ නිවස ඉදිරිපිට අද (07) විරෝධතාවක් පැවැත්විණ .
ඒ ඔහු ආණ්ඩුවට සහය දෙන බවට චෝදනා කරමිනි.
එක්සත් ජාතික පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හිතවාදීන් පිරිසක් මේ උද්ඝෝෂණය දියත්කර ඇත.
කෙසේ වුවත් එම විරෝධතාවයට එරෙහිව එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් ද ඒ අසලට පැමිණ ඇති බවත් වාර්තා වෙයි .
ඔවුන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ට සහය පළකරමින් සටන් පාඨ කියූ අතර , හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ නිවස අසල ආරක්ෂාව තහවුරු කිරීමට පොලිසිය යොදවා ඇති බවත් වාර්තා වෙයි .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
