පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් රුපියල් මිලියන 957 ක් තැම්පත් කර ඇති සැක කටයුතු බැංකු ගිණුම් 3ක් පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.
පසුගිය මාර්තු 15 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් කොළඹ පෞද්ගලික බැංකු ශාඛාවක පවත්වාගෙන යන සැක කටයුතු මෙම ගිණුම් පිළිබඳව පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණිලි කර තිබෙන අතර ඒ මත පදනම්ව විමර්ශනය ආරම්භ කර ඇත.
අධිකරණයට බී වාර්තාවක්
අධිකරණයට බී වර්තාවක් ගොනුකරමින් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය මේ බව සඳහන් කර ඇති අතර අදාළ සැකකටයුතු ගිණුම් තුන චීන ජාතිකයින් තිදෙනෙකුගේ නමින් තිබෙන බවද එහි සඳහන් ය.
ඒ අනුව මෙම ගිණුම් විමර්ශන කටයුතු මුදල් විශුද්ධිකරණ පනත යටතේ සිදුවන අතර මේ වන විටත් සිදුකර තිබෙන විමර්ශනයන් සැළකිල්ලට ගෙන කොළඹ මහාධිකරණය එම ගිණුම් අත්හිටුවීමට නියෝග කර ඇති බවද වාර්තා වෙයි.
එක චීනෙක් රටින් පැනලා
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය සඳහන් කරන ආකාරයට මෙම ගිණුම් තුන හිමි චීන ජාතිකයින් තිදෙනාගෙන් එක් අයෙකු අසත්‍ය තොරතුරු ලබාදී මෙරට පැමිණීමට නේවාසික විසා ලාබාගෙන ඇති අතර අනිත් චීන ජාතියන් දෙදෙනාගේ වීසා බලපත්‍ර මේ වනවිට විමර්ශනය කරමින් තිබේ.
පැමිණ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය එම චීන ජාතිකයින් තිදෙන ඊයේ (29) කැඳවා ඇති නමුත් ඔවුන් ඊට පැමිණ නැති අතර එක් චීන ජාතිකයකු රටින් පිටව ඇති බවද වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
