අරගලය රාජපක්ෂවාදයට යට නොකරමු - වරුණ දීප්ත රාජපක්ෂ

අරගලය රාජපක්ෂවාදයට යට නොකරමු - වරුණ දීප්ත රාජපක්ෂ

#GoHomeGota අරගලය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක සටහනක් තැබීමට තරුණ දේශපාලනඥයකු වන වරුණ දීප්ත රාජපක්ෂ කටයුතු කර ඇත.

එම සටහන පහත දැක්වෙයි.

රාජපක්ෂ ලා පැරදවීමට යනමග
රාජපක්ෂවාදයට යට නොවෙමු !

ගාලුමුවදොර අරගලය ඇරබීමට මුල්වූයේ රැඩිකල් ලිබරල්වාදීන් පිරිසකි.
එයට රැඩිකල් වාමාංශිකයන් පිරිසක් එකතුවිය.

මේ එකතුව දෙස මා ඉතා ආස්වාදයෙන් බලා සිටියේ මේ දෙපාර්ශවය අතර අරගලබිමේ බොහෝදේ හුවමාරුවේය යන විශ්වාසයෙනි.

අරගලය ජයගැනීමට බහුජනතාව එක්කර ගතයුතුය. එනිසා වඩාත්ම පුලුල් සාමුහික එකගතාවයක් සහිත සටන් පාටයක් අවශ්‍යය.
(Collective will) gota go home ඒ සදහා හොදින් ගැලපුනි.

සටන ජයගැනීමට බහුජනතාව කැදවිය යුතුය

රාජපක්ෂලා වෙනුවෙන් කහකඩයන් එනවිට අරගලකරුවන්ට තම සහයට භික්ෂූන් කැදවීමට සිදුවේ.

කොන්ඩම් පෙන්නා මඩගසන විට ,
අරක්කු සිගරැට් පෙන්නවිට,
පිලිතුරු බැදිමට සිදුවේ.
කුනුහරප කියන්න එපා කියන්න සිදුවේ

අද දේශප්‍රේමී ගී පමනක් කියන්න කියා පිරිසක් ඉල්ලා ඇත.

කෙතරම් සුදන්දර වුවද යුතෝපියාවකට ලේසියෙන් පවතින්නට නොහැක. ගාලුමුවදොර සුන්දර යුතෝපියාවට ඇති සැබෑ අභියෝගය එයයි. රාජපක්ෂලාට එය මර්ධනය ලෙයින් කුඩුපට්ටම් කිරීමට නොහැකිවීම අරගලය ලැබූ පොදුජන සහයෝගයේ ප්‍රතිපලයකි. එහෙත් රාජපක්ෂ වාදයෙන් ගැලවීම ලේසිනැත.

එය ආදරය ලෙසින්
ආදාර ලෙසින්
උපදෙස් ලෙසින්
ඉල්ලීම් ලෙසින්
පැමිනෙනු ඇත.

එය පරාජය කිරීමේ වගකීම අරගලකරුවන්ගේ පමනක් වගකීම නොවේ. එය දේශපාලන වාද ප්‍රවාද ඉදිරිපත් කරන්නන් සැමගේ වගකීමකි.

මම එන්න එපා කිව්වද එහි යමි.
හැකි අයුරින් දායක වෙමි.
එහෙත් එය විවේචනය කරමි.

මක්නිසාද එය අත්‍යාවශ්‍ය දායකත්වයක් වන බැවිනි.
දුශ්කර අරගලයක වෙහෙසෙන්නන්ට එය වේදනාවක් වියහැක.
දේශපාලන පක්ෂ වලට තමන්ගේ ගමනට එරෙහි ද්‍රෝහීකමක් වියහැක.
එහෙත් ආදරය ස්වරූපයෙන් එන රාජපක්ෂවාදයට වඩා අපේ ප්‍රවාද තුල ආදරය ඇත.
සටන් බිමේ විරාමයක කතාකරමු

Csk Thushara, Sanjaya Liyanage, Thusitha Pathiran,a Chanaka Hettiarachchi, Shanuka Karunaratne, Thushara Sewwandi Witharana, Thushara D Wanniarachchi, Sanjeewa Batuwatta, Vidarshana Kannangara, Nirmal Dewasiri

මේ ප්‍රසංගය ගැන මා දන්නාදේ නිවැරදි නොවිය හැක. එහෙත් ඒ පිලිබද අරගලයේ අප්පච්චිලා සහ අම්මලා ලෙස පෙනී සිටින්නන් කල, කීදෑ අසා සිටියෙමි.

වරුණ දීප්ත රාජපක්ෂ ගේ ෆේස්බුක් ගිනුමෙනි

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න