අගමැති රනිල්ට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාස භංග යෝජනාවට දැනට විරුද්ධ වී සිටින්නේ ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප ඇමැතිවරුන්ගෙන් හය දෙනකු පමණක් බවත් සෙසු සියළු දෙනා විශ්වාසභංග යෝජනාවට පක්‍ෂව ඡන්දය දෙන බවත් රාජ්‍ය අමාත්‍ය ටී.බී. ඒකනායක පවසයි.
මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කරන අතර දැනට විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ජන්දය දීමට සිටින එම 6 දෙනාට ජනාධිපතිවරයා තීන්දුවක් ගෙන විශ්වාසභංග යෝජනාවට පක්ෂවීමට දැනුම් දෙන්නේ නම් එම ජන්ද 6 ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පරාජයට පත් කිරීමට යොදාගත හැකි බවද පවසා ඇත.
විශ්වාස භංගය දිනා මිස ගමට එන්න එපා යයි ගමේ පාක්ෂිකයින් සදහන් කරන බවත් ඒ බව දැනුවත්ව විශ්වාසභංගය ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල තීන්දුව අප්‍රේල් 2 වනදා ගැනීමට තීන්දු කර ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
