ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර : කාදිනල් 56ක් ගෙන වතිකානුවට !

ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර : කාදිනල් 56ක් ගෙන වතිකානුවට !

පාප් වහන්සේගේ විශේෂ ආරාධනය අනුව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් හිමි ඇතුළු 56 දෙනෙකුගෙන් යුතු පිරිසක් ඉතාලියේ වතිකානුව බලා කටුනායක ගුවන් තොටුපළෙන් අද (22) උදෑසන පිටත්ව ගොස් තිබේ.

කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් හිමි ඇතුළු රදගුරුතුමන් 08 දෙනෙකු ද ඊට ඇතුළත් ය.

එසේම පියතුමන්ලා සහ කන්‍යා සොයුරියන් 18 දෙනෙකු ද, පාස්කු ප්‍රහාරයේ දී වින්දිතයන් වූ මඩකලපුව සියෝන් දේවස්ථානයේ වින්දිතයන් 04 දෙනෙකු ද, කොළඹ කොච්චිකඩේ දේවස්ථානයේ 06 දෙනෙකු ද, මීගමුව කටුවපිටිය දේවස්ථානයේ 20 දෙනෙකු ද අනෙක් කණ්ඩායමට ඇතුළත් වී සිටියහ.

කටුනායක ගුවන් තොටුපළින් අලුයම 05.02 ට කටාර් ගුවන් සේවයේ QR 659 දරන ගුවන් යානයෙන් දෝහා බලා ගොස් ඇති අතර එතැන් සිට වෙනත් ගුවන් යානයකින් ඉතාලියේ වතිකානුව වෙත පිටත්ව යාමට නියමිත බවත් වාර්තා වෙයි.

ඔවුන් පිරිස අද (22) උදෑසන 10.05 ට ඩුබායි බලා එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 651 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළෙන් පිටත් වී ගොස් තිබුණි .

පසුව මෙම පිරිස ද එතැන් සිට ඉතාලියේ වතිකානුව බලා වෙනත් ගුවන් යානයකින් පිටත්ව යාමට නියමිතය .

ආන්දෝලනාත්මක අනාවරණයක් !

කාදිනල් ප්‍රමුඛ මේ පිරිස රටින් නික්මයාමට පෙර පාස්කු ප්‍රහාරයට වසර 3ක් සම්පූර්ණවීම නිමිත්තෙන් ඊයේ (21) උදේ පවත්වන ලද දේව මෙහෙයේදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ අතර , ඒ එවකට පැවැත්වීමට නියමිතව තිබූ ජනාධිපතිවරණයේදී ජාතික ආරක්ෂාව තහවුරු කරන බවට පොරොන්දු දෙන අපේක්ෂකයෙකුගේ ජයග්‍රහනය වෙනුවෙන් දේශපාලන කුමන්ත්‍රණයක් සිදුකළ බවට මේ වනවිට තහවුරු වෙන බව පවසමින් ය.

එම ප්‍රහාරයෙන් පසුව පරීක්ෂණ පැවැත්වූ ආකාරය පිළිබඳව එක් එක් පියවරයන් විශ්ලේෂණය කරමින් කාඩිනල් හිමියන් මෙම චෝදනාව නැගීය.

ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වී වසර වසර දෙක හමාරකට ආසන්න කාලයක් ගෙවී ගියත් ජනාධිපතිවරණයේදී පොරොන්දු වුණු වින්දිතයන්ට යුක්තිය ඉටු නොකිරීම පිළිබඳව නැවත අවධාරණය කරනු ලැබීය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න