ලංකාවට 'හදිසි මූල්‍ය ආධාර' සපයන ලෙස ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතරාමන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා සිටි බව වාර්තා වෙයි.
මේ සම්බන්ධයෙන් ඉන්දීය මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර ඇත.
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා උදව් වීමට ශ්‍රී ලංකාවට හදිසි මුල්‍ය ආධාර කඩිනමින් ලබා දෙන ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ඉල්ලා සිටි බව එම නිවේදනයේ දැක්වේ.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජීවා සහ ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සිතාරාමන් අතර (19) පැවැත්වූ හමුවේදී මුදල් අමාත්‍ය නිර්මලා සිතාරාමන් මෙසේ ඉල්ලා ඇත.
ශ්‍රී ලංකා මුදල් අමාත්‍ය අලි සබ්රි හමුවීමෙන් අනතුරුව ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සිතාරාමන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජීවා සමග මෙම හමුව පවත්වා ඇත.
එහිදී ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සිතාරාමන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දිය යුතු බවත් ඉතා ඉක්මණින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට හදිසි මුල්‍ය ආධාර ලබා දිය යුතු බවත් කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජීවාට පවසා ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
