113 පෙන්වන්නේ කවුද නෙවෙයි ප්‍රශ්නය - රනිල්

113 පෙන්වන්නේ කවුද නෙවෙයි ප්‍රශ්නය - රනිල්

කුමන පාර්ශ්වයෙන් පාර්ලිමේන්තුව තුළ 113 පෙන්වූවත් වත්මන් ප්‍රශ්න විසඳීමට නොහැකි බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

වත්මන් ප්‍රශ්න විසඳීමට හැකියාව ඇත්තේ මහ පොළොවේ යථාර්ථය තේරුම් ගෙන හැම දෙනාම එකතු කරගත් ගමනක් යාමට අවශ්‍ය බවත් ඔහු පවසයි.

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මේ අදහස් දක්වා සිටියේ අද (22) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ය.

විශ්වාස භංගයක් ඉදිරිපත් කළ යුතු වන්නේ මුදල් ඇමතිවරයාගේ කතාවෙන් පසුව බව කී හිටපු අග්‍රාමාත්‍ය වරයා ඉදිරි මාර්ග සිතියම ඉදිරිපත් කරන්නැයි විපක්ෂ නායකවරයා කළ ප්‍රකාශයට තමා ද එකඟ වන බවත් සඳහන් කළේය.

එහිදී හිටපු අග්‍රාමාත්‍යවරයා මෙසේද පැවසීය.

"රඹුක්කන සිද්ධිය පරීක්ෂා කරන්න නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා ගොස් තිබෙනවා.වෙඩි තබන්න කිව්වේ කවුදැයි තාම කිව්වේ නැහැ. බී රිපෝට් එක ඒ රිපෝට් එක කළා.බී රිපෝට් එකේ නම් කැපුවා.වෙඩි තබන්න කියන්නේ එතන හිටපු ජේෂ්ඨ ම පොලිස් නිලධාරියා.බී රිපෝට් එකේ ඔහුගේ නම දාන්න ඕන.එතුමා වෙඩි තියන්නට හේතුව පැහැදිලි කළ යුතුයි.එය කිව්වේ නැහැ. ඔක්කොම විනය කඩලා. මේ නියෝග දුන්නේ පිටින් ද?මේ නියෝග දුන්නේ කවුදැයි කියා මෙය ඉවරයක් කරලා දාන්න. මෙය ඇදගෙන යන්න උවමනා නැහැ."

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න