අරගලයට පන්නරයක් දුන් : අපේක්ෂාවේ සත්‍යක්‍රියාව !

අරගලයට පන්නරයක් දුන් : අපේක්ෂාවේ සත්‍යක්‍රියාව !

නිර්පාක්ෂික ජන අරගලයට සහය පලකිරීමේ අරමුණින් යුතුව  රැඩිකල් මැද සාමූහිකය සංවිධානය කළ 'අපේක්ෂාවේ සත්‍යක්‍රියාව' ඊයේ ( 21) පස්වරු 5.00 ට පැවැත්විණ.

එසේම මංගල සමරවීරයන්ගේ ජන්ම දිනය ද යෙදී තිබුණේ එදිනට වන අතර රැඩිකල් මැද සාමූහිකය' ද මංගල සමරවීරයන් විසින් ආරම්භ කළ දේශපාලන මෙහෙයුමකි.

වීදි බැස ඇති සුවහසක් පුරවැසියන්ගේ, සාධාරණ ඉල්ලීම් අනුව, රාජපක්ෂ ක්‍රමය අවසන් කිරීමත්, පුරවැසියාට වග කියන ගෞරවනීය රජයක් ඇති කරගැනීමත් , අභිලාෂය කරගත් දේශපාලන සහ සිවිල් සංවිධාන නියෝජිතයන් අතර සම්මුතියක් ගොඩනගා ගැනීමත්, ඊයේ පැවති අපේක්ෂාවේ සත්‍යක්‍රියාව' හි මුලික අරමුණ විය.

පක්ශ නායකයින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය නායකයින් හා ජනතා සහභාගීත්වයකින් පැවති එම අවස්ථාවේ රැඩිකල් සෙන්ටර් සාමූහිකය' මේ වෙනුවෙන් ඉදිරිපත් කරන සම්මුතියේ යෝජනා 15ක් ප්‍රසිද්ධ කරණු ලැබූ අතර , ඒ මෙසේය.

 1- රාජපක්ෂවාදය අවසන් කිරීම.

2- 20 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර සුදුසු සංශෝධන සහිතව 19වන සංශෝධනය යළි පැනවීම.

3- රාජපක්ෂ විරෝධී පක්ෂ එකමුතුවෙන් නිශ්චිත කාලයක් සඳහා අන්තර්වාර පාලනයක් ඇති කිරීම.

4- සියලු ජාතීන්ට, ආගම්වලට සහ ලිංගිකත්වයන්ට සම අයිතිය ලැබෙන ශ්‍රී ලාංකේය සමාජයක් පිලිගැනීම.

5- ආර්ථික අර්බුදයට සාමූහික එකඟතාවයෙන් කඩිනම් විසඳුම් සෙවීම

6- ඖෂධ, අත්‍යාවශ්‍ය ආහාර, විදුලිය, ගෑස් පොහොර සහ අනෙකුත් කෘෂිකාර්මික යෙදවුම් සහ කාර්මික යෙදවුම් ප්‍රමාණවත් ලෙස අඛණ්ඩව සැපයීම සහතික කිරීම.

7- අර්බුදය හමුවේ දිළිඳු ජනතාවගේ සමාජ සුරක්ෂිතභාවය සහතික කිරීම.

8- පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ සහ පක්ෂවල වත්කම් බැරකම් ජනතාවට දැනගැනීමේ අයිතිය ලබාදීම.

9- රාජ්‍ය ආයතනවල සියලු ගනුදෙනු විගණනයට යටත් කිරීම

10- මානව අයිතීන් සහ ප්‍රජාතන්ත්‍රවාදය ගරු කිරීම.

11-නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම.

12-වංචා දූෂණ සහ පාස්කු අපරාධ සම්බන්ධ චෝදනා නීත්‍යානුකූලව විමර්ශනය කොට දඬුවම් ලබාදීම.

13- දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම

14- ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කිරීම

15- පුරවැසියන්ගේ මතය ඉදිරිපත් කිරීමට සහ පුරවැසි සහභාගීත්වය තහවුරු කිරීම සඳහා පුරවැසි වේදිකාවක් පිහිටුවීම,

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න