ගාලු මුවදොර අරගල භුමියට පැමිණි පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කර තිබේ.
එම පොලිස් සැරයන්වරයා කුට්ටිගල පොලිස්ථානයට අනියුක්තව රාජකාරි කළ අයෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දුව සඳහන් කළේය.
පසුගිය 14 වැනිදා සිය නිල ඇඳුම පැළඳගෙන උද්ඝෝෂණ භූමියට පැමිණිම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගෙන අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේ ය.
එහිදී අධිකරණය නියෝග කළේ , එම පොලිස් සැරයන්වරයා ලක්ෂ 03 බැගින් ශරීර ඇප 03 ක් මත මුදා හරින ලෙසයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
