අන්තර්කාලීන ආණ්ඩුවක් ඕන : නැත්නම් ස්වාධීනයි : පොහොට්ටවේ තවත් 13ක් දන්වයි !

අන්තර්කාලීන ආණ්ඩුවක්  ඕන : නැත්නම් ස්වාධීනයි :  පොහොට්ටවේ  තවත්  13ක් දන්වයි !

පවතින අර්බුදකාරී තත්වය මත අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු නොකරන්නේ නම් ආණ්ඩුවට දක්වන සහයෝගයෙන් ඉවත්වී ස්වාධීනව කටයුතු කරන බව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් දහතුන් දෙනකු ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.

මෙම පිරිස ජනාධිපතිවරයාට තම තීරණය ලිඛිතව ද ලබාදී ඇති අතර පවතින ගැටලුකාරි තත්ත්වයට විසඳුමක් ලෙස අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවා අග්‍රාමාත්‍ය ධූරයට සුදුස්සෙකු පත් කිරීම මේ මොහොතේ අවශ්‍යම කාර්යයක් බව පෙන්වා දී ඇත.

නව අමාත්‍ය මණ්ඩලයට ද විරෝධය පළ කර ඇති මෙම පිරිස පෙන්වා දී ඇත්තේ අමාත්‍ය ධුර ලබාදීමට නිසි පරිදි සිදු නොවූ බවයි.

මෙම මන්ත්‍රී කණ්ඩායම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ ද අද (21) දිනයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.

මෙම මන්ත්‍රීවරුන් දහතුන් දෙනා ස්වාධීන වී විපක්ෂයේ අසුන් ගතහොත් ආණ්ඩුවේ බහුතර බලය නිශ්චිතවම අහිමි යාමට නියමිතය.

මීට පෙර ආණ්ඩුවෙන් හතළිස් එක් දෙනෙක් ඉවත්වූ අතර ඊයේ (20) තවත් තුන් දෙනෙකු ඉවත් වූහ.

මෙම 13 දෙනොගේ පිරිස ඉවත් වූවොත් ආණ්ඩුවෙන් ඉවත් වන මුළු පිරිස පනස් හත් දෙනකු දක්වා ඉහළ යයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න