ආණ්ඩුවට සිතෙන සිතෙන වෙලාවට මරා දැමීම සඳහා ජනතාව යනු බ්‍රොයිලර් කුකුලු පැටවුන් හෝ පාලකයන්ගේ දෙපා මුළ සිටින කුරුළු පැටව් නොවන බව සමාජ දේශපාලන ක්‍රියාකාරික විමල් කැටිපෙආරච්චි පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ ගෝටාගෝගම අරගල භූමියේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය.
යන යකා කොරහත් බිඳගෙන යන බව පැරණි පිරුළකින් කියැවෙන බවත් කොරහ බිඳින්නට පටන් ගැනීමෙන් පෙනෙන්නේ යකා යන්නට හදන බව විය හැකි යැයි ද ඔහු පැවසීය.
ගෝල්ෆේස් අරගලය ගතානුගතික නායකයන් නොමැති සාමුහික අරගලයක් බවත් රටපුරා නැගෙන එවන් අරගල මර්දනයෙන් නැවැත්විය නොහැකි බව අවධාරණය කළ විමල් කැටිපෙආරච්චි, ඝාතන සැලසුම් වහා හකුලා ගන්නා ලෙස ආණ්ඩුවට බල කර සිටියේය.
මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට සමාජ සංස්කෘතික ක්‍රියාධරයන් පිරිසක් සහභාගී වී සිටියහ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
