ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාල නව සංශෝධනය සදහා යෝජනා ඇතුලත් කෙටුම්පත සමගි ජන බලවේගය විසින් අද (21) කතානායකවරයා වෙත භාර දෙනු ලැබීය.
අද පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී අදාල කෙටුම්පත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර වෙත භාරදුන්නේය. ඉන් අනතුරුව කතානායකවරයා වෙත එම කෙටුම්පත භාර දෙනු ලැබීය.
විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම, සංවරණ හා තුලන ක්‍රමවේදයට අදාළව ත්‍රිපාර්ශව බලය බෙදාහැරීම අදාල සංශෝධනය, 20වෙනි සංශෝධනය ඉවත් කිරීම, ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීම, ජාතික ආරක්ෂක කවුන්සිලයක් ඇති කිරීම වැනි ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ රැසකින් එම කෙටුම්පත සමන්විත බව වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
