රඹුක්කන නගරයේ මාර්ග සහ දුම්රිය මාර්ගය වසා සිටින විරෝධතාකරුවන් විසුරුවිම සඳහා රඹුක්කන පොලිසිය කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කළ බව වාර්තා වෙයි.
ඒ අවස්ථාවේ පොලිසිය හා උද්ඝෝෂකයන් අතර උණුසුම්කාරී තත්ත්වයක් හටගත් අතර උද්ඝෝෂකයන් පොලිසියට ගල් ප්‍රහාරයක් ද එල්ල කර ඇතැයි වාර්තා වෙයි.
මේ වන විට සමාජ මාධ්‍ය හරහා වාර්තා වන්නේ පොලිසිය උද්ඝෝෂණකරුවන් විසිරවීම සඳහා ජීව උණ්ඩ ද භාවිතා කර ඇති බවයි.
එහිදී උද්ඝෝෂකයකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් වාර්තා වෙයි.
තවද පොලිස් ප්‍රහාරය හමුවේ තුවාල ලැබූ උද්ඝෝෂණකරුවන් කිහිපදෙනෙකු රෝහල් ගතකර ඇති බවත් වාර්තා වෙයි.


newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
