කැළණි පුස්වෙඩිල්ල රිමාන්ඩ්

කැළණි පුස්වෙඩිල්ල රිමාන්ඩ්

කැලණිය විශ්වවිද්‍යාලයේ සිසු විරෝධතාවට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී දුමින්ද පෙරේරා  ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

ඒ, ඔහු අද මහර වැඩබලන මහේස්ත්‍රාත් රමණී සෙනෙවිරත්න හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් නීතිඥවරුන් රැසක් මුදල් අය කිරීමකින් තොරව පෙනී සිටියහ.

කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ මූලිකත්වයෙන් සිසුන් පිරිසක් ඊයේ කිරිබත්ගොඩ නගරයේදී අට්ටාලයක් ඉදිකර විරෝධතාවක් ආරම්භ කර තිබිණ.

පසුව එම ස්ථානයට පැමිණි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රි දුමින්ද පෙරේරා මහතා එම අට්ටාලය කඩා දැමී ය.

එහිදී සිසුන් කිහිපදෙනෙකුට ද මන්ත්‍රීවරයා පහරදී ඇති අතර පසුව කිරිබත්ගොඩ පොලිසිය සැකකරු අත්අඩංගුවට ගනු ලැබිණි.

සබැදි පුවත්

ජන අරගලයට කැලණියෙන් පුස් වෙඩිල්ලක්

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න