පොදුජන පෙරමුණ පාලනයේ වසර තුනක් තුළ තෙවැනි මහ බැංකු අධිපති හෙට (08) ධූරයෙ වැඩ භාරගන්න නියමිත බව වාර්තා වෙයි.
ඒ අනුව ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස නම් කර ඇති ආචාර්ය පී.නන්දලාල් වීරසිංහ මහතා නව තනතුරේ වැඩ භාර ගැනීම සදහා අද (7) දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියේය .
ඔහු ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 654 දදරන ගුවන් යානයෙන් 04/07 දින පස්වරු 03.45 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ඔහු මීට පෙර ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයා ලෙස කටයුතු කර තිබුණි .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
