අද (05) පස්වරු 2.15ට පමණ මූලාසනාරූඪ මන්ත්‍රීවරයා වූ ප්‍රේමනාත් සී. දොලේවත්ත විසින් පාර්ලිමේන්තුව හෙට (06) දිනය දක්වා කල් තැබීමට පියවර ගත්තේය.
නමුත් මූලාසනාරූඪ මන්ත්‍රීවරයා ලෙස දොලේවත්ත මේ ක්‍රියාව සිදුකර සිටියේ විපක්ෂයේ විරෝධය මැද්දේය.
මේ සම්බන්ධයෙන් විපක්ෂය ප්‍රශ්න කරන විට ඊට ප්‍රතිචාර දක්වමින් සජිත් ප්‍රේමදාස පෙන්වා දුන්නේ රටේ වත්මන් තත්ත්වය පිළිබදව කතා කිරීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශාල පිරිසක් සිටින බැවින් පස්වරු 4.30 දක්වා සභාවාරය පැවැත්විය යුතු බවය.
නමුත් ඊට ප්‍රතිචාර දක්වමින් සභානායක දිනේෂ් ගුණවර්ධන පවසා සිටියේ මේ මොහොතේ පාර්ලිමේන්තුව කල් තැබීමට කලින් තිබූ එකගතාවක් බවය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
