ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළඳපොළ නිකුත් කිරීම අද (16) දින සිට තාවකාලිකව නතර කිරීමට සිදුවන බව ලිත්‍රො ගෑස් සමාගම පවසයි.
මුදල් ගෙවා ගොඩබා ගන්නා ලද ගෑස් තොග ඊයේ (15) පස්වරුව වන විට බෙදාහැර අවසන් වී ඇති බවත් සඳහන් වෙයි.
නමුත් තවදුරටත් කර්මාන්ත හා සෞඛ්‍ය අවශ්‍යතා සඳහා පමණක් ගෑස් නිකුත් කරන බව සමාගම සඳහන් කරයි.
මෙට්‍රික් ටොන් තුන් දහස් පන්සියයක ගෑස් රැගෙන පැමිණි නෞකාවක් දැනට ශ්‍රී ලංකාව ආසන්න මුහුදු සීමාවේ නතර කර ඇති බවත් වාර්තා වෙයි.
මෙම නෞකාව සතියකට ආසන්න කාලයක් මෙසේ නවතා ඇත්තේ ගෑස් ගොඩබෑම සඳහා ඩොලර් මිලියන 10 පියවන තෙක්ය.
මේ වන විට රට පුරා බොහෝ ප‍්‍රදේශලවල උග‍්‍ර ගෑස් හිගයක් මතුව තිබේ.
ඊට හේතු වී ඇත්තේ ලාෆ් සමාගමේ ගෑස් සැපයුමත් මේ වන විට මුළුමනින්ම ඇණහිට ඇති නිසාය.
ලාෆ් සමාගම පවසන්නේ බැංකු ණයකර ලිපි විවෘත කිරීමට නොහැකිව ඇති බැවින් තමන්ට ගෑස් සැපයීමට නොහැකිව ඇති බවයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
