දිගටම විමල්ලා එක්ක වැඩ කරනවා : ගෝඨාභය මහින්ද බැසිල් ඉස්සරහ මෛත්‍රී කියලා !

දිගටම විමල්ලා එක්ක වැඩ කරනවා : ගෝඨාභය මහින්ද බැසිල් ඉස්සරහ මෛත්‍රී කියලා !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (08) පැවති අතර තම පක්ෂය ඉදිරියේ දී ද විමල් විරවංශ ප්‍රමුඛ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ සමග එක්ව දේශපාලනය කරන බව එහිදී ශ්‍රීලනිප සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා ඇති බව වාර්තා වෙයි.

ශ්‍රීලනිප සභාපතිවරයා එබව සඳහන් කළ එම සාකච්ඡා මේසයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මෙන්ම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු ආණ්ඩුවේ නායකයන් කිහිපදෙනෙකු සිට ඇති බවත් වාර්තා වෙයි.

මෙහිදී අදහස් දක්වමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පෙන්වා දී ඇත්තේ , මාර්තු 02 දා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ වෙනම රැස්වීමක් පවත්වා ආණ්ඩුවට යෝජනාවලියක් ඉදිරිපත් කරන බවට සති දෙක තුනක් පුරා මාධ්‍ය වාර්තා පළවුවද ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා ඊට පෙර එම හවුල්කාර පක්ෂවල නායකයින් කැඳවා ඒ සම්බන්ධයෙන් කිසිඳු සාකච්ජාවක් සිදු නොකළ බවයි. එහෙත් රැස්වීම පැවැත්වූ දිනට පසුදිනම විමල් විරවංශ හා උදය ගම්මන්පිල අමාත්‍ය ධුරවලින් නෙරපීමට ගත් තීන්දුව සම්බන්ධයෙන් තම පක්ෂයේ බලවත් විරෝධය පලකරන බවත් ඔහු පවසා ඇත.

මේ සාකච්ඡාව අවස්ථාවේ සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීමට ශ්‍රීලනිප කළ යෝජනාව ජනාධිපති පිළිගත් බවත් වාර්තා වෙයි.

දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන ආකාරයට මේ සාකච්ඡාව අවසන් කිරීමෙන් පසුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ශ්‍රීලනිප මහ ලේකම් , රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර යන දෙදෙනා පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් ගේ කාර්‍යාලයට ගොස් ඉදිරියටත් සෙසු පක්ෂ 11 සමග කටයුතු කරන බව දැනුම්දී ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න