ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් පිරිසක් විවිධ හේතු මත රට හැර යෑමේ සූදානමක පසුවන බව වාර්තා වේ.
යම් යම් හේතු මත කලකිරුණු කිහිපදෙනෙකුද ඒ අතර සිටින බව දේශපාලන ආරංචිමාර්ගවලින් පැවසේ.
මේ අතර රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මාස තුනක කාලයක් සඳහා ජපානයට ගොස් සිටින අතර රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා ද විදේශයකට ගොස් සිටින්නේය.
රොෂාන් රණසිංහ රාජ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් මාස තුනක කාලයක් සඳහා නිවාඩුව පාර්ලිමේන්තුවද පසුගියදා අනුමත කළේය.
අමාත්‍යංශයේ කටයුතු සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා යම් කාලයක් සඳහා මෙලෙස විදේශයකට ගොස් සිටින්නේ යම් මානසික විවේකයක් අපේක්ෂාවෙන් බව ඔහුට සම්බන්ධ ආරංචි මාර්ගවලින් පැවසේ.
මේ අතර ඇමැති තනතුරු නොලැබීම නිසා කලකිරීමට පත්ව සිටින ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පිරිසක් දේශපාලන කටයුතුවලින් ඉවත්වී විදේශගත වන බවට සිය හිතවතුන්ට දැනටමත් ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට ඇත.
කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ ද දේශපාලන කටයුතුවලින් තාවකාලිකව ඉවත්වී ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති ධූරය බාර ගැනීම සඳහා පසුගියදා පිටත්ව ගියේය.
- lankadeepa
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
