ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ මුල් පුටුවට : රජිත් කීර්ති පත්වෙයි !

ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ මුල් පුටුවට : රජිත් කීර්ති පත්වෙයි !

ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ නව විධායක අධ්‍යක්ෂවරයා ලෙස හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පත්ව ඇති බව එහි මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත්කරමින් පවසයි .

ඊට අනුව 2022 මාර්තු 1 දින සිට ඔහු එම තනතුරට පත්ව ඇත.

අදාළ නිවේදනය වැඩිදුරටත් මෙසේද සඳහන් කරයි.

මැතිවරණ, මානව හිමිකම් හා දුෂණ විරෝධි ව්‍යාපාරයන් හි වසර 15 ක අත්දැකීම් සහිතව රජිත් කීර්ති තෙන්නකෝන් කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා ලෙස ද, දුෂණ විරෝධී පෙරමුණේ උපදේශක ඇතුළු තනතුරු ගණනාවක් දරා ඇත.

ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යා, ජනසන්නිවේදනය පිළිබඳ උපාධි/පශ්චාත් උපාධි ලබා ඇති ඔහු, එම විෂයන් සම්බන්ධයෙන් ශ්‍රාස්ත්‍රීය ග්‍රන්ථ ගණනාවක් ද පළ කර ඇත. මානව හිමිකම් කේෂ්ත්‍රයේ දෙස් විදෙස් තනතුරු රැසක් ද ඔහු විසින් දරා ඇත. දකුණ හා මධ්‍ය පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ද, තෙන්නකෝන් මහතා කටයුතු කර ඇත.

 ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය ඉදිරියේ දී පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කර, වත්මන් අභියෝග සඳහා මුහුණදිය හැකි පුළුල් මහජන ව්‍යාපාරයක් බවට පත් කිරීමට අපේක්ෂා කෙරේ.

 මාධ්‍ය ඒකකය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න