විදුලි කප්පාදුව ගැන : ජනාධිපති ගෝඨාභයගෙන් සහතිකයක් !

විදුලි කප්පාදුව ගැන : ජනාධිපති ගෝඨාභයගෙන් සහතිකයක් !

මාර්තු 05 සිට විදුලි කප්පාදුව නවත්වා ගැනීමට කටයුතු කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසන විටරට තුළ පවතින විදුලි අර්බුදය මඟහරවා ගැනීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවසූ බව වාර්තා වෙයි.

මහජන උපයෝගිතා කොමිසමට සහ සාමාන්‍ය ජනතාවට සහතික වෙමින් ඔහු මේ බව කියා සිටි බව දැනගන්නට ඇත.

මේ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි විදුලිය උත්පාදනය සඳහා අවශ්‍ය ඉන්ධන ලබාගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සපයන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහා භාණ්ඩාගාරයට හා මහ බැංකුවට උපදෙස් දී ඇතැයි ශ්‍රි ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පවසයි.

එසේම විදුලිි අර්බුදය විසදා ගැනීම වෙනුවෙන් කඩිනම් පියවර ගන්නා බව ජනපතිවරයා දැනුම් දුන් බවද සභාපතිවරයා පැවැසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න