Language Switcher

V2025

මුළු රටම හරි මගට ගේන්න යන ගම්මන්පිලලාට : බැසිල් පාර්ශ්වයෙන් දැඩි ප්‍රහාර !

මුළු රටම හරි මඟට” ගෙනයාම සඳහා වූ යෝජනා ඇතුලත් 'ජාතික ප්‍රකාශනයක්' එළිදැක්වීම අද (මාර්තු 02) අති උත්කර්ෂවත් අන්දමින් සංවිධානය කර ඇති අතර ඉන් අනතුරුව 'නායකත්ව මණ්ඩලයක්' හරහා එම වැඩපිළිවෙල සමාජගත කිරීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයින් තීන්දුකර තිබේ.

ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ජාතික කොංග්‍රසය, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, විජය ධරණී ජාතික සභාව, එක්සත් මහජන පක්ෂය, යුතුකම ජාතික සංවිධානය යන දේශපාලන පක්ෂ 11 විසින් සකසන ලද “මුළු රටම හරි මඟට” ජාතික ප්‍රකාශනය එළිදැක්වීම අද සවස 3:00ට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, මොනාක් ඉම්පීරියල් ශාලාවේ දී සිදුවිය.

බැසිල් පිලෙන් ගම්මන්පිලට ප්‍රහාරයක් !

කෙසේ වුවත් මේ වන විට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ගේ භක්තිමතුන් ලෙස සැලකෙන ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල යේ සභාපති මහින්ද පතිරණ ඇතුළු පිරිසක් ආණ්ඩුවේ අනෙකුත් පක්ෂ 11 නියෝජිතයන් ඉලක්ක කර දැඩි ප්‍රහාරයක් සමාජ මාධ්‍ය හරහා එල්ල කරමින් ඇත.

ඒ යටතේ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ඉලක්ක කර පුවත්පත් මණ්ඩල සභාපති මෙවැනි සටහනක් සිය ෆේස්බුක් ගිනුමේ තබා ඇත.

"ඇපල් මිදි ⁣ගෙන්වන්න තියෙන ඩොලර් තෙල් ගෙන්වන්න නැහැ කියන එක ගම්මන්පිලගේ තවත් බොරුවක්. ඔහුට කොන්දක් තියෙනව නම්, පෙන්නල දෙන්න ඕන කවද කුමන තෙල් ඇණවුමට ද ඩොලර් දුන්නෙ නැත්තෙ කියල. ඒක ඔහු කරන්නෙ නැ. කරන්න බැහැ. වරද තියෙන්නෙ තමාගේ බව ගම්මන්පිල දන්නව. තෙල් ඇණවුම් නොකළේ ඔහු. අද අර්බුදය තියෙන්නෙ ඒකයි.

 ඇපල් මිදි ⁣ගෙන්වන එකත් කියන්න ඕන. ඒ කතාවෙනුත් තේරෙන්නෙ ගම්මන්පිලගෙ ළදරුකම. ඔහු දන්නෙ නැ අපි කිසියම් රටකින් භාණ්ඩ ගත්තොත් විතරයි අපටත් භාණ්ඩ යවන්න පුළුවන් කියල. අපි අද යුරෝපයට භාණ්ඩ යවනව නම්, අපි යුරෝපයෙනුත් කිසියම් භාණ්ඩ ප්‍රමාණයක් ආනයනය කරන්න ඕන. ආනයනය කිරීම ලංකාව නොසෑ⁣හෙන්න සීමා කරපු නිසා යුරෝපා රටවල් දැනටමත් ලංකාවට අනතුරු අඟවල තියෙන්නෙ. (කමෙන්ටුව තීරුවේ ඇති සබැඳිය බලන්න) ඒ නිසා යම් භාණ්ඩ ප්‍රමාණයක් අපි ගෙන්වනව. කවුරු හරි හිතනව නම් ලංකාවට අපනයනය විතරක් කරල ආනයන සපුරා නවත්තන්න පුළුවන් කියල ඔහු තමන්ගෙ ඔළුව පරීක්ෂා කරගන්න ඕන."