ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ සිදුකරන වැඩකටයුතු පිළිබඳව තම පක්ෂය ඉතා විමසිල්ලෙන් බලා සිටින බවද ඒ අනුව අවශ්‍ය මොහොතේ සුදුසු තීරණය පක්ෂ ගැනීමට පක්ෂය සූදානම් බවත් පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් අවධාරණය කර සිටියි.
ඔහු මේ බව සඳහන් කර ඇත්තේ මව්බිම පුවත්පත වෙත අදහස් දක්වමින් ය.
කෙසේ වුවත් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 සමග සහයෝගයෙන් වැඩ කිරීමට සුදානම් බවත් ඔහු සඳහන් කර ඇත.
අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ විසින් අද (මාර්තු 02) එළිදැක්වීමට යන “මුළු රටම හරි මඟට” ජාතික ප්‍රකාශනය සම්බන්ධයෙන් සිදුකළ විමසීමකට මෙසේ ප්‍රතිචාර දක්වා ඇති පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් වැඩිදුරටත් පවසා ඇත්තේ , ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11න් සාමාජිකයන් කිහිපදෙනකු කැබිනට් ඇමැතිවරුන් නිසා එම පක්ෂවලින් ඉදිරිපත් කිරීමට සැරසෙන “මුළු රටම හරි මඟට” ජාතික ප්‍රකාශනය මුලින්ම ඉදිරිපත් කළ යුත්තේ, කැබිනට් මණ්ඩලයට බවය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
