ශ්‍රී ලංකාවේ රැඳී සිටින රුසියානු සහ යුක්‍රේන සංචාරකයින්ගේ වීසා කාල සීමාව, අය කිරීමකින් තොරව මාස 2ක කාලයක් සඳහා දීර්ඝ කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
රුසියානු සංචාරකයින් 11,463 සහ යුක්‍රේන සංචාරකයින් 3,993 දෙනෙකු මේ වන විට දිවයින තුළ රැඳී සිටී.
රුසියානු – යුක්‍රේන අතර වර්ධනය වී ඇති අර්බුදය හේතුවෙන් ඔවුන්ට නැවත සිය රට කරා යෑමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇත.
එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම සංචාරකයින්ගේ වීසා කාලසීමාව ගාස්තු අය කිරීමකින් තොරව මාස 2ක කාලයක් සඳහා දීර්ඝ කිරීමට සංචාරක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
