යුක්‍රේන ජාතිකයින් 4000ක් ලංකාවේ

යුක්‍රේන ජාතිකයින් 4000ක් ලංකාවේ

යුක්‍රේන සංචාරකයින් 4,000ක් පමණ මේ වන විට මෙරට රැඳී සිටින බව සංචාරක අමාත්‍යාංශය පවසයි.

ඔවුන් දින 30ක කාලයක් සඳහා මෙරටට පැමිණ ඇති බව එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.

එම සංචාරකයින්ගේ වීසා කාලය දින 30කින් අවසන් වීමට නියමිතය.

එහෙත් යුක්‍රේනයේ පවතින යුද ගැටුම් හේතුවෙන් තවදුරටත් මෙරට රැඳී සිටිමට කැමැත්ත දක්වන සංචාරකයින්ට වීසා කාලය දීර්ඝ කිරීමට කටයුතු සලසාදෙන ලෙස අදාළ සංචාරක නියෝජිතයින්ට උපදෙස් ලබාදී ඇති බව සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේය.

අදාළ වීසා කාලය අවසන්වීමෙන් පසු සිය රට බලා යාමට අවශ්‍ය සංචාරකයින්ට සෘජුව යුක්‍රේනයට ගුවන් ගමන් සිදුනොවන බැවින් වෙනත් රටවල් හරහා යළි සිය රටට යෑමට අවශ්‍ය කටයුතු සලසාදෙන ලෙස ද එම නියෝජිත ආයතන වෙත උපදෙස් ලබාදී ඇති බව සංචාරක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න