සිපෙට්කෝවත් IOC පාරේ යන්න සූදානමක් !

සිපෙට්කෝවත් IOC පාරේ යන්න සූදානමක් !

ලංකා ඉන්දීය සමාගම විසින් නැවත වතාවක් තම තෙල් මිල ඉහල දැමීම හමුවේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව බරපතළ අර්බුදකාරී තත්ත්වයකට පත්ව තිබෙන බව ආණ්ඩුව හිතවාදී සමාජ මාධ්‍ය වෙබ් අඩවි වාර්තා කර ඇත.

ඉන්දීය තෙල් සමාගම මිල ඉහළ දැමීමට සාපේක්ෂව සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල වලින් ඉන්ධන ලබා ගැනීමේ ධාරිතාව ඉහළ යාහක් සිදුව ඇති බව බලශක්ති අමාත්‍යාංශය උපුටා දක්වමින් එම මාධ්‍ය වාර්තා වල දැක්වෙයි.

මේ තත්ත්වය මත ඉදිරියේදී ඉන්ධන සැපයුම අභියෝගයක් වනු ඇතැයි අමාත්‍යංශය පවසන බවත් ඒවායේ සඳහන් ය.

එනිසා පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන අනවශ්‍ය ලෙස ඉන්ධන තොග රැස් කිරීමෙන් වළකින ලෙස ද අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් අදාළ පුවත් අන්තර්ගතයෙ සඳහන් වෙයි.

මේ අතර තෙල් සංස්ථාවට ඉන්ධන අලෙවියෙන් ලබන පාඩුව අවම කර ගැනීම සඳහා ඉන්ධන මිල සැලකිය යුතු ගණනකින් වැඩි කළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉකුත් දා පැවති කැබිනට් මණ්ඩලයට යෝජනා කර තිබිණ.

IOC මිල ඉහළට !

ලංකා ඉන්දියානු තෙල් සමාගම විසින් සිය බෙදුම්හල්වල සියළුම ඉන්ධන වර්ග මිල පසුගියදා හදිසියේ ඉහල දමනු ලැබිණ.

සුපරි ඩීසල් හා සුදු ඩීසල් ලීටරය රුපියල් 15කින් හා ඔක්ටේන් 95-92 පෙට්ට්‍රල් ලීටරයක් රැපියල් 20කින් එසේ මිල ඉහල දමා ඇත.

මෙම මිල ඉහළ දැමීමත් සමඟ එම සමාගමේ බෙදුම්හල්වල ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 184 සිට රුපියල් 204 දක්වාත්, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 124 සිට රුපියල් 139 දක්වාත් ඉහල යයි.

 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න