ටෝච් කේස් එක : හරීන් ගේම ඉල්ලයි !

ටෝච් කේස් එක :  හරීන් ගේම ඉල්ලයි !

පාර්ලිමේන්තුවේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් ඕනෑම පරීක්ෂණයකට මුහුණ දීමට තමා සූදානම් යැයි සමගි ජන බලවේගය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පවසයි.

ඒ අද (25) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ය.

තමන් පාර්ලිමේන්තුවට රැගෙන ආවේ තමාගේ බෑගය සහ කුඩා විදුලි පන්දමක් පමණකැයිද එහිදී ඔහු පැවසීය.

හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මෙසේ පැවසූවේ සැකකටයුතු පාර්සලයක් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් පාර්ලිමේන්තු සංකීර්ණයට රැගෙන එන ලදැයි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුවේදී ඊයේ නැගූ චෝදනාවට පිළිතුරු දෙමිනි.

ඔහු මුලසුනේ අවසරය ඇතිව මෙම ප්‍රකාශය කළේය.

තමාගේ බෑගය භාණ්ඩ පරීක්ෂා කිරීමේ යන්ත්‍රය මගින් පරීක්ෂාවට ලක් කෙරුණු බවත් භයානක කිසිවක් තමා පාර්ලිමේන්තුවට රැගෙන නොපැමිණි බවත් මන්ත්‍රීවරයා කීවේය.

තමා පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා නොකළ බවද හෙතෙම සඳහන් කළේ‍ය.

තමා රන්ජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් යම් දෙයක් ලබන සතියේ කිරීමට සූදානම් වන බව පැවසූ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා එම කටයුත්තට බාධා නොකරන්නැයි තමා රජයෙන් ඉල්ලීමක් කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

කෙසේ වුවත් මේ සිදුවීම සම්බන්ධයෙන් කතානායක විසින් පොලිස්පති වෙත පැමිණිල්ලක් කරන බවත් අද අනාවරණය විය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න