විදුලි කප්පාදුවට එරෙහිව සජබ ටෝච් ගහයි !

 විදුලි කප්පාදුවට එරෙහිව සජබ ටෝච් ගහයි !

මේ වන විට සිදුවන විදුලි කප්පාදුවට එරෙහිව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද (24) පාර්ලිමේන්තු සභා ගැබ තුළ විරෝධතාවක නිරත විය.

ඒ විදුලි පන්දම් දල්වමිනි.

‘අඳුරෙන් එළියට’ යනුවෙන් සදහන් කළ ස්ටිකරයක් පැළද විදුලි කප්පාදුවට එරෙහිව සමගි ජන බලවේගය පාර්ලිමේන්තුව තුළ සිදු කළ මේ විරෝධය හේතුවෙන් අද පාර්ලිමේන්තුව මිනිත්තු 10කට කල් තැබීමට කථානායකවරයා ක්‍රියා කළේය.

විවිධ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් ටෝච් එළි දල්වමින් ඔවුන් මෙම විරෝධයේ නිරත විය.

මෙහිදී හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සභා ගර්භයට දන්වා සිටියේ විදුලිය විසන්ධි වූ විට වැසිකිලියේ භාවිතා කිරීමට හැකිවන පරිදි විදුලි පන්දම අද දිනයේ කටයුතු සඳහා රැගෙන ආ බවයි.

ඉන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා කථානායකවරයාට දන්වා සිටියේ එවැනි උපකරණ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බැවින් සභා ගර්භය තුළට ගෙනඒමට ඉඩ නොදෙන ලෙසයි.

මේ සම්බන්ධයෙන් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු අතර උණුසුම් බහින් බස්වීමක් ද ඇති විය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න