පාරේ වැටී තිබූ මුදල් පසුම්බියක් හමුදා සෙබළුන් අයිතිකරුට භාර දෙයි

පාරේ වැටී තිබූ මුදල් පසුම්බියක් හමුදා සෙබළුන් අයිතිකරුට භාර දෙයි

යාපනය වැල්වැටිතුරෙයි පොලිස් වසමේ මාර්ගයක වැටී තිබූ රුපියල් 24,955 ක් සහිත මුදල් පසුම්බියක් මුර සේවයේ නිරත යුදහමුදා සෙබලුන් පිරිසකට හමුවීමෙන් පසු මුදල් පසුම්බියේ අයිතිකරු සොයා භාරදීමට පියවර ගෙන තිබුණි.

වැල්වැටිතුරෙයි රෝහල් මාර්ගයේ මුර සංචාරයේ නිරත යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 15 වන ගජබා රෙජිමේන්තුවේ සෙබලුන් පිරිසකින් සැරයන් පී.කේ. දිසානායක යුදහමුදා සෙබලාට වැල්වැටිතුරෙයි රෝහල ඉදිරිපිටදී මෙම මුදල් පසුම්බිය හමුවී තිබුණි.

මුදල් පසුම්බියේ අදාල මුදලට අමතරව ජාතික හැඳුනුම්පත, රියදුරු බලපත්‍රය, බැංකු කාඩ් කිහිපයක් ඇතුලු ලිපි ලේකනද තිබී ඇති අතර මුදල් පසුම්බියේ අයිතිකරු වූවේ වැල්වැටිතුරෙයි ඉත්තිඅඩි ප්‍රදේශයේ පදිංචි සෙල්වරාසා මාදන් නැමත්තෙකි.

861de2f4 857e 41d8 b6e7 547b27ee59a8

f06ea1ce a5b8 41f2 bfe1 e4a5044d39f5අනතුරුව ඒ පිළිබඳව වැල්වැටිතුරෙයි පොලිස් ස්ථානයට දැනුම් දී අයිතිකරුගේ ලිපිනයට දැනුම් දී අයිතිකරු වැල්වැටිතුරෙයි පොලිස් ස්ථානයට කැඳවා මුදල් පසුම්බිය ආරක්ෂිතව ලබාදීමට යුදහමුදා නිලධාරීන් පියවර ගනු ලැබූ අතර මුදල් පසුම්බියේ අයිතිකරු සහ පොලීසිය යුදහමුදාව ප්‍රශංසා කරනලදි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න