විශ්වාසභංගය : ශ්‍රීලනිප දෙගිඩියාවක - තීරණය 04 දා

විශ්වාසභංගය : ශ්‍රීලනිප දෙගිඩියාවක - තීරණය 04 දා

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය එළැඹෙන 04 දා ගන්නා බව එම පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් මේ දක්වා පක්ෂය කිසිඳු තීරණයක් ගෙන නොමැති බවත් එයට අත්සන් තැබූ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව 04 විවාදයට ගෙන ඡන්දය විමසීමට නියමිතය.

ජනාධිපති දෙගෙඩියාවක !

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන්නේ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංගය සම්බන්ධයෙන් තවම සාකච්ඡාවක් පවත්වා නොමැති බවත් එසේ කිරීම පිළිබඳ කිසිදු තීරණයක් ගෙන නොමැති බවත්ය.

ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත්කල විශ්වාසභංගයට ස්වාධීනව ඡන්දය භාවිත කිරීමට ශ්‍රීලනිප මැති ඇමතිවරුන්ට අවස්ථාව ලබා දෙන්නේදැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ පාකිස්තානයේ සංචාරයට එක්වී සිටී 'මව්බිම' පුවත්පතේ මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා එබව සඳහන් කර තිබේ.

 charitha herath 54 of 120''ජනාධිපති සිතන්නේ කෙසේදැයි තක්සේරු කරගැනීම වැදගත්'' - ආචාර්ය චරිත හේරත්

 මේ අතර හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ජ්‍යෙෂ්ඨ උපදෙශයකු වන පේරාදේනිය විශ්ව විද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ අංශාධිපති, ආචාර්ය චරිත හේරත් මහතා පවසන්නේ, ''මේ විශ්වාසභංගය ජයගැනීමට නම් කළමනාකරණය කරගත යුතු සාධක අතර වැදගත්ම එකක් වන්නේ මේ කාරණය පිළිබදව ජනාධිපතිතුමන් සිතන්නේ කෙසේදැයි හරියට තක්සේරු කරගැනීම'' බවයි.

එතුමන්ගේ සහාය නොලැබෙන යෝජනාවකින් මේ රජයේ අගමැති මේ මොහොතේ අස්කළ හැකි යැයි තමා නොසිතන බව ඔහු පවසයි.

ඒ සම්බන්ධයෙන් 'ලංකාදීප' පුවත්පතට විශේෂ ලිපියක් සපයමින් ඔහු මෙසේද සඳහන් කර තිබේ.

''එතුමන් මේ යෝජනාවට පක්ෂ වන්නේ යැයි සිතුවහොත් ඒ පක්ෂ වන්නේ දැන් සිටින අගමැති අයින් කර එජාපයෙන් වෙනත් කෙනෙක් පත්කර ගැනීමටද එසේත් නැතිනම් ශ්‍රී ලනීපයේ කෙනෙක් සුලූතර ආණ්ඩුවක් ලෙසින් පත්කර ගැනීමටද කියන කාරණයද තවම පැහැදිලි නැත.

ජනාධිපතිතුමන් විසින් මේ දෙකෙන් කොයි එක කළත් ඒ වැඬේට ඒකාබද්ධ විපක්ෂය සම්බන්ධ විය යුත්තේ කෙසේද යන කාරණය මෙහිදි කළමනාකරණය කර ගත යුතුය. ''

සබැඳි පුවත් :
පාර හරිද? : චරිත හේරත්

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න