සෞඛ්‍ය අමාත්‍යවරයා සමග සෞඛ්‍ය වෘත්තීය සමිති පැවැත්වූ සාකච්ඡා අසාර්ථක වූ බැවින් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති පවසයි.
දිවයින පුරා රෝහල්වල හෙද හෙදියන් , සෞඛ්‍ය වෘත්තීයවේදීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ආරම්භ කළ අඛණ්ඩ වැඩ වර්ජනය අද ක්‍රියාත්මක වූයේ, දෙවැනි දිනටයි.
ඔවුන් මෙම වැඩ වර්ජනය ආරම්භ කළේ වැටුප් විෂමතා සහ උසස් වීම් පටිපාටිය නිවැරිදිව ක්‍රියාත්මක කිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමිනි.
ඊට වෘත්තිය සමිති 17 ක සාමාජිකයෝ එක්ව සිටිති.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
