Language Switcher

V2025

ත්‍රස්තවාදය වැළැක්වීම යටතේ සිටි 09ක් නිදහස් !

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටි සිරකරුවන් පිරිසක් නිදහස් කිරීමට කටයුතු කර ඇත.

මෙසේ නිදහස් කරන සිරකරුවන් ගණන 09ක් වන අතර ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයක් අනුවය.

බන්ධන්ගාර මාධ්‍ය ප්‍රකාශක ,බන්ධනාගාර කොමසාරිස් චන්දන එකනායක පැවසුවේ, රුපියල් ලක්ෂ 50 ක ශරිර ඇප දෙක බැගින් එක් අයකුට ඊයේ (01) අධිකරණයෙන් ඇප නියම කර ඇති බවයි.

මෙලෙස ඇප නියම කර ඇත්තේ කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් පිරිසකි.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, අදාළ රැඳවියන් මෙතෙක් ඇප කොන්දේසි ඉටු නොකිරිම හේතුවෙන් තවදුරටත් ඔවුන් බන්ධනාගාරගත කර සිටින බවයි.