ජනවාරී 01වනදා සිට මේ දක්වා කාලය තුළ කොළඹ නගරයේ කොරෝනා ආසාදිතයින්ගෙන් බූස්ටර් එන්නත ලබා ගත් කිසිදු පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්වී නොමැති බව කොළඹ මහ නගර සභාව පවසයි.
එහි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (02) පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කර ඇත.
මෙතෙක් තමන්ට අදාල මාත්‍රාව ලබා නොගත් පුද්ගලයින්ට කඩිනමින් එම මාත්‍රාව ලබා ගන්නා ලෙසටද මෙහිදී ඉල්ලීමක් සිදුකෙරුණි.
කෙසේ වුවත් මේ වන විට බූස්ටර් එන්නත සම්බන්ධයෙන් විවිධ මිත්‍යා අදහස් සමාජය තුළ ඉස්මතුව තිබේ. නමුත් වසංගත තත්ත්වයක් හමුවේ මුල්තැන දියයුතුව ඇත්තේ මිත්‍යාවට නොව විද්‍යාවටය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
