Language Switcher

V2025

හිජාස්ට ඇප දෙනවද නැද්ද ? තීන්දුව 07 !

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා ඇප මත මුදා හරිනවා ද? නැද්ද? යන්න සම්බන්ධයෙන් වන නියෝගය ලබන 07 වැනිදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය අද (02) දැනුම්දි ඇත.

ඒ තමන් ඇප මත මුදා හරින ලෙසට ඉල්ලා නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා අභියාචනාධිකරණයට ගොනුකර තිබූ පෙත්සමක් අද (2) සැලකිල්ලට ගත් අවස්ථාවේදීය .

මේනකා විජේසුන්දර නීල් ඉද්දවෙල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව කැඳවිණි.