විමල්ගේ වත්කම් නඩුව කල් යයි !

විමල්ගේ වත්කම් නඩුව කල් යයි !

අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කරමින් සිටියදී සිය නීත්‍යනුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 75 කට ආසන්න වත්කම් සහ මුදල් අයථා ලෙස අත්පත් කර ගත්තේ යැයි චෝදනා එල්ල වී සිටින අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ විභාගය ජුනි මස 17 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

අදාළ නඩුව අද (02) කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විත්තිකාර විමල් විරවංශ වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ අසනීප තත්ත්වයෙන් පසු වන හෙයින් එම නඩුවේ විභාගය සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව නඩු විභාගය ජුනි මස 17 සහ 28 යන දින වන සිදුකිරීමට තීන්දු කළ මහාධිකරණ විනිසුරුවරයා එදින සාක්ෂිකරුවන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කළේය.

අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් අයේෂා ජිනසේන අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම නඩුවට අදාළව පිළිගැනීම් 66 ක් සලකුණු කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් විත්ති පාර්ශ්වය අවධානය යොමු කළහොත් මෙම නඩුව සියලු සාක්ෂි කැඳවීමකින් තොරව අවසන් කිරීමට හැකියාව ලැබෙනු ඇති බවත් දන්වා සිටියාය.

ඒ සම්බන්ධයෙන් කරුණු සලකා බලන බව විත්තියේ නීතිඥවරයා සඳහන් කළේය.

2010 ජනවාරි මස 01 වනදා සිට 2014 වසරේ දෙසැම්බර් මස 31 වනදා දක්වා කාලසීමාව තුළ අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කරමින් සිටියදී සිය නීත්‍යානුකූල හා ආදායම අභිබවා රුපියල් මිලියන 75 කට ආසන්න වත්කම් සහ මුදල් අත්පත් කර ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ඉකුත් යහපාලන රජය සමයේ අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව එම නඩුව ගොනු කර තිබුණි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න