ඉන්ධන අර්බුදයට සහන සැලසීමේ අරමුණින් ඛනිජ තෙල් නිෂ්පාදන මිලදී ගැනීම සඳහා ඉන්දියාවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ණය මුදල් ලබාගැනීමට අදාළ ගිවිසුමට අද (02) අත්සන් තබා ඇත.
ඉන්දියානු එක්සිම් බැංකුවේ නියෝජිතයා සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර් ආටිගල මෙම ගිවිසුමට අත්සන් තැබූ අතර එම අවස්ථාවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ ද එක්ව සිටියහ.
ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ටිව්ටර් සටහන තබමින් ප්‍රකාශ කර ඇත්තේ "අවැසි මොහොතක සිටින මිතුරා සැබෑම මිතුරෙකි!" යනුවෙනි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
