දැන් ජනතාවට කියන්න සිදුවී තිබෙන්නේ බත් දුන් පියා ෂී ජින් පි යා යන කතාව යැයි ජනතා විමුක්ති පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ප්‍රකාශ කළේය.
ජනතා විමුක්ති පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මේ බව සඳහන් කර සිටියේ අද (21) පාර්ලිමේන්තුව අමතමිනි.
මේ වනවිට රටේ මුළු ණය රුපියල් ට්‍රිලියන 21ක් වී ඇති බවත් ඉන් වැඩිම ණය ගෙන ඇත්තේ වත්මන් ගෝටාබය රාජපක්ෂ පාලනය කළ පසුගිය වසර කිහිපයේදී බවත් එහිදී ඔහු පැවසීය.
අද ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වී ඇත්තේ හොරා කෑම, ණයට කෑම සහ විකුණාගෙන කෑම බවද ඔහු අවධාරණය කළේය.
ණය ගත්තේ නැතැයි ජනාධිපතිවරයා පසුගිය දා ප්‍රකාශ කළද කිව්වත් රුපියල් ට්‍රිලියන 08ක්ම ණය ලබාගෙන ඇත්තේ ගෝටාබය රාජපක්ෂ පාලන සමයේදී බවත් ඔහු පෙන්වා දුන්නේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
